පළාත් සභා සීමානිර්ණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 24 වැනිදා පැවැත්වෙන බව කතානායක කාර්යාලය පවසයි.
පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිතය.
සීමානිර්ණ වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ එය සම්මතවීම හෝ නොවීම සිදුවෙන අතර වාර්තාව සම්මත වීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමෙන් තුනෙන් දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබිය යුතුය.
1










