මහනුවර – බහිරවකන්ද ප්‍රදේශයේ නගරයට ආසන්න නිවසක රැදී සිටි පුද්ගලයන් 7 දෙනෙකු ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමඟ මහනුවර පොලීසියට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ නිවස වැටලීමේදී පිස්තෝලයක්, රිවෝල්වරයක්, රිපීටරයක්, කඩු 4ක් සහ යකඩ මිටියක් ඇතුළු අවි ආයුධ තොගයක් පොලීසිය සොයාගෙන ඇති අතර ගංජා ග්‍රෑම් 08ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස සොයා ගත් එක් ගිනි අවියක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී නිවසේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්තා වේ.
අදාළ නිවස පිලිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ දිනපතා පුද්ගලයින් 30කට ආසන්න ප්‍රමාණයක් එම නිවස තුළ මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා පැමිණෙන බවටය.
කෙසේ වෙතත්, මෙලෙස අවි ආයුධ ළඟ තබා ගත්තේ කිසියම් ප්‍රහාරයකටද යන්න පිළිබඳව පොලීසිය තවදුරටත් විමර්ශනය කරමින් පවතියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා අද (21) මහනුවර අධිකරණයට ඉදිරිපත් කරන බව මහනුවර පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කරයි.









