අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධාන කර තිබු විරෝධතා පාගමනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලදී පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ගැටළු විසඳීමට බල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබූ අතර මේ හේතුවෙන් කොළඹ – පුරහල අවට රථවාහන තදබදයක් හටගෙන ඇත.
සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් අද (21) පස්වරුවේ මෙම විරෝධතා පා ගමන ආරම්භ කෙරිණි.
10










