වත්මන් ජනාධිපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි, දැව සංස්ථා සභාපති යළි රක්ෂිත බන්ධනාගාරයට

වත්මන් ජනාධිපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි, දැව සංස්ථා සභාපති යළි රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානි අයි.එච්. කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයගේ ඇප අයදුම සිව්වන වරටත්  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අද (21) ප්‍රතික්ෂේප කර තිබේ.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා මේ වනවිට මාස හතරකට අධික කාලයක් සැකපිට රක්ෂිත බාරයේ පසුවෙති.

අල්ලස් පනත ප්‍රකාරව ඇප ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn