අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ පවතින ගැටළුවලට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් විසින් මේ වනවිට විරෝධතා පාගමණක් නිරතව සිටින අතර එය වලක්වාගැනීම සඳහා අධිකරණය නියෝගයක් ලබා ගැනීමට පොලීසිය අධිකරණයේ පිහිට පතා ඇති නමුත් මෙම උද්ඝෝෂණ පාගමණ සාමකාමීව හා නිත්‍යානූකූල අයුරින් පවත්වා ගෙන යන ලෙස දන්වා එම විරෝධතා පාගමනට අවසර ලබාදිමට අධිකරණය කටයුතු කර තිබේ.
කොටුව පොලීසිය විසින් මෙම නියෝගය ඉල්ලා ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙනි.
මෙම උද්ඝෝෂණය පාගමන සාමකාමීව හා නිත්‍යානූකූල අයුරින් පවත්වා ගෙන යෑමට හැකියාවක් ඇති නමුත්, ඒ තුළින් මහජනතාවට හා වාහනවලට බාධාවක්, අනතුරක්, කරදරයක් සිදු වන ආකාරයට මහා මාර්ගයේ ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් නීතියානූකූල සේවයේ නියුක්ත තැනැත්තන්ට බාධා කරදර ඇති වෙන අයුරින් රජයේ කාර්යාලවලට සාමය කඩවන ආකාරයට බලහත්කාරයෙන් ඇතුළු වීම වැලකී සිටිය යුතු බවටත් අධිකරණය සිය නියෝගය නිකුත් කරමින් සඳහන් කර තිබේ.









