විජයකලාගේ ප්‍රකාශ ගැන කතානායක යළි නීතිපති මතය විමසයි

විජයකලාගේ ප්‍රකාශ ගැන කතානායක යළි නීතිපති මතය විමසයි

හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට කළ ප්‍රකාශය ගැන නීතිපතිවරයා සිය මතය සඳහන් ලිපිය කතානායකවරයා වෙත යොමු කර තිබියදී එම ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවී ඇත්දැයි යන්න පැහැදිලිව දැනුම් දෙන්නැයි නීතිපතිවරයාට යළි දැනුම්දීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත.

නීතිපති මතය සඳහන් ලිපිය කතානායකවරයා වෙත යොමුරක ඇත්තේ ඊයේ (20) දිනය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සඳහන් කරමින් එවා ඇති ලිපියෙහි විජයකලා මහත්මියගේ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්දැයි යන්න නිශ්චිතව සඳහන් නොවන හෙයින් ඒ ගැන දැනුම් දෙන්නැයි ඉල්ලා කතානායකවරයා  නීතිපතිවරයාට මෙසේ යළි සිහි කැඳවීමක් කරන බව කතානායක කාර්යාලය මාධ්‍යවෙත ප්‍රකාශ කර ඇත.

විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ කටයුතු කරන ලෙස නීතිපතිවරයා සිය මතය සඳහන් කරමින් කතානායකවරයා වෙත යොමු කර ඇති ලිපියෙන් දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති නම් ස්ථාවර නියෝග සංශෝධනය කිරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ පොදු එකඟත්වය මත හෝ කටයුතු කළ හැකි බවද නීතිපතිවරය කතානායකවරයාට උපදෙස් දී ඇත.

මේ සිද්ධියෙන් පසුව නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන්ද මේ පිළිබඳව වාර්තාවක් ලබාගෙන තිබිණ.

Facebook
Twitter
LinkedIn