“බුදුන්ගේ රස්තියාදුව” නම් කෘතිය බුදු දහමට නිග්‍රහ වන අන්දමින් ලියා ඇති බව සඳහන් කරමින් එයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.
බුදුන් වහන්සේට සහ බුදු දහමට අගෞරව වන පරිදි මෙම කෘතිය එළි දක්වා ඇති නිසා ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් කම්පාවට හා චිත්ත පීඩාවට පත්ව සිටින බවත් අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපියෙන් දන්වා තිබේ.
එහි කර්තෘවරයාත්, මුද්‍රණකරුවන්, ප්‍රකාශකයන්, බෙදාහරින්නන් සහ අලෙවි කරන්නන් දණ්ඩ නීතී සංග්‍රහයේ 290,290 ඒ සහ 291-ඕ වගන්තිය යටතේ සපරාධි වරදක් සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන්වේ.
එම නිසා එහි අනතර්ගත කරුණු සළකා බලමින් අදාල පාර්ශවයන්ට කඩිනමින් පරීක්ෂණයක් පවත්වා නඩු පවරා දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එම ලිපියෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.










