පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා, කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ මෙහෙයවීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කළුතරදී අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලකෑමක් සිදුකිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.
මෙම පිරිස ලඟ තිබී පිස්තෝල දෙකක් හා උණ්ඩ 20ක් පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර තණමල්විල ප්‍රදේශයේ පාතාල සාමජිකයකුද වන බව පොලිසිය කියයි.
1










