ආණ්ඩුව මගින්, නව ගුරු සේවා ව්‍යවස්ථාව හරහා 225,000ක් පමණ වන මෙරට ගුරුවරුන්ගේ උසස්වීම්වලට අදාල හිග වැටුප් කප්පාදුවට එරෙහිව ගුරු විදුහල්පති පෙරමුණ මගින් මානව හිමිකම් කොමිසම වෙත කරන ලද පැමිණිල්ල ඊයේ (20) විභාගයට ගන්නා ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ ගුරු විදුහල්පති පෙරමුණේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය රාජපක්‍ෂ පාලන කාලය තුළත් ඊට පෙරත් ගුරු විදුහල්පතිවරුන්ට හිමිවිය යුතු හිග වැටුප් අහිමි කරමින් එය මංකොල්ල කා ඇති බවයි.
එබැවින් වත්මන් ආණ්ඩුව සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට හිමි විය යුතු මෙම හිග වැටුප් ගෙවීමට කටයුතු කළ යුතු බවත් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේ ය.
මෙම අවස්ථාවට ලංකා ගුරුසේවා සංගමයේ සභාපති දම්මික අලහප්පෙරුම මහතාද සහභාගී විය.
5











