ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිවිටෙකත් පුද්ගලයින්ට මඩ ගැසිම සදහා භාවිත නොකළ යුතු බව විශ්‍රාමික ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බත්තරමුල්ලේ ප්‍රදේශයේ පැවති උත්සවකට එක්වෙමින් විශ්‍රාමික ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය මාධ්‍ය නොව කිසිම මාධ්‍යයකින් පුද්ගලයින් ඉලක්ක කර මඩ ගැසීම නොකළ යුතුය. එහි විවාදයක්ද නැත. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම හාස්‍ය ජනකය.
මන්ද යත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හෙබවූ පසුගිය අවුරුදු 10ක පාලන කාලය තුළ රාජ්‍ය මාධ්‍ය භාවිතා කරමින් සිය ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීම සිදු කළ අතර තමන්ට අභියෝගයක් වන සියළුම දේශපාලන පක්ෂ අරබය මඩ ගැසීම් සිදු කළේය. එකල විපක්ෂයේ කිසිදු පක්ෂයකට හෝ මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය මාධ්‍යවල ඉඩක් ලබා දුන්නේ නැත.
විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ වුවද තමන් හා එකඟ නොවන කිසිදු මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය මාධ්‍යවල ඉඩ කඩ ලබා නොදීමට එදා තදින් වගබලාගෙන තිබිණි.
එහි උච්චතම අවස්ථාව පැවති ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ අතර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත අන්දමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය නොමිලයේ යොදාගැනීම තුළින් රාජ්‍ය ආයතනයක් වූ එම රූපවාහිනියට රුපියල් එකොලොස් කෝටි විසිනව ලක්ෂ හාරදහස් හයසිය තිස් අටක (රු. 112,904,638) මුදලක් පාඩු සිදු කර තිබිණි.
එමෙන්ම එම ජනාධිපතිවරණයේම පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් සඳහා සත්‍ය ගුවන්කාල සම්මත මුදල මෙන් දෙගුණයක් අයකර එකම මැතිවරණයකදී සමාන අපේක්ෂකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට අසමාන ලෙස සැලකීමකට බඳුන් කර වැඩි පුර මුදලක් ස්වාධීන රූපවාහිනී පාලන අධිකාරිය මගින් ලබාගැනීමට කටයුතු කර තිබිණි.
මෙම චෝදනා සම්බන්ධයෙන් බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර එම කොමිසම විසින් මහින්ද රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, අනුර සිරිවර්ධන ඇතුළු 6 දෙනෙකු චූදිතයන් කර තිබේ.
මෙහි 06වන චූදිතයා වන මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් පනතේ 70 වන වගන්තියෙහි විස්තර කර ඇති “දූෂණය” නමැති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද, දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරදි එකක් හෝ ඊට වැඩි ගණනක් සිදු කර ඇති බව එම කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව දණ්ඩනීති සංග්‍රහයේ 113 ආ වගන්තිය යටතේ හා දණ්ඩනීති සංග්‍රහයේ 102 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු බවද එම කොමිසමෙන් තීරණය කර තිබේ.
එම සම්පූර්ණ වාර්තාව පහතින් පල වේ…
මහින්දගෙන් ස්වාධීන රූපවාහිනියට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බ්න්ධ විමර්ශන වාර්තාව මෙන්න










