සියලුම දේශීය හා විදේශීය මාධ්‍යවලට මන්නාරම් අධිකරණය මගින් තහනම් නියෝගයක් පනවා ඇති බව වාර්තා වේ.
ඒ මන්නාරම් සතොස ගොඩනැගිල්ල ආසන්නයේ හමු වූ සමූහ මිණිවළේ ඉදිරි කැණීම් කටයුතු සඳහා අවශ්‍ය විශේෂඥ පරික්ෂණය හේතුවෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පහසු වන ලෙසය.
මන්නාරම මහෙස්ත්‍රාත් ටී.ජී. ප්‍රභාකරන් මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇති අතර යම් හෙයකින් කැණීම්, මාධ්‍යවල වාර්තා කිරීමට නම් නිසි අවසරයක් ගත යුතු බව එම නියෝගයේ සඳහන්ව ඇත.
අදාළ මහෙස්ත්‍රාත් නියෝගය මෙසේය.
“සියලුම දේශීය ,විදේශීය මාධ්‍ය වේදීන් වෙත, (විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාලා)
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේ B232/2018 දරණ නඩුවට අදාළ කැණීම් සිදු කරන භූමිය වෙත ඇතුල්වීම, ඡායාරූප ගැනීම් හා දර්ශන පටිගත කිරීම තහනම් කරමින් නිකුත් කරනු ලබන නියෝගයයි.
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේ B232/2018 දරණ නඩුවට අදාළව ඉදිකිරීමට යෝජිත සතොස භූමියේ කැණීම් සිදු කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති අතර ඒ සම්බන්ධව විශේෂඥ මතයක් අනාවරණය කර ගැනීම සඳහා කැණීම් තවදුරටත් සිදු කෙරිමින් පවති.
මෙම කැණීම්වලට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින්ද මෙම විමර්ශනයේ ඇති ප්‍රමුඛ අවශ්‍යතාවය හේතු කරගෙන බාධාවකින් තොරව ඉදිරි විමර්ශන සාර්ථකව සිදුකරගෙන යාම සඳහාද කැණිම් සිදුකරන භූමිය වෙත දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් හට (විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාලා) කැණීම් භාර නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකුට එකී භූමිය වෙත ඇතුල් වීම, ඡායාරූප ගැනීම, දර්ශන පටිගත කිරීම හා කැණීම් සම්බන්ධ සම්මුඛ සාකච්ඡා ගැනීම මෙයින් තහනම් කරමි.”










