යාපනය මුහමාලෙයි කැලෑබඳ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයට ගිය පාසල් සිසුවෙකුට බිම් බෝම්බයක් පෑගී ඇති අතර එය පුපරා යාමෙන් සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පලෙයි සහ කොඩිකාමම් පොලීසිය කියයි.
මුහමාලෙයි එලුදුමට්ටුවාල දකුණ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ජේ.එම්. නිදර්ශන් සිසුවා ඊයේ (08) සවස මුහමාලෙයි කැලෑවට ගොස් ඇත්තේ ලී කැපීමේ අවශ්‍යතාවකටය.
නමුත් සිසුවා ගමන් කර ඇත්තේ බිම් බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයක බැවින් සිසුවා කැලෑවේ තිබූ වැටක් තුළින් රිංගා යාමට උත්සහ කිරීමේදී පයට පෑගි තිබූ බිම්බෝම්බය පුපුරා යාමෙන් සිසුවා බරපතල තුවාල ලබා තිබේ.
සිසුවාගේ අත්වලට බරපතල හානි සිදුව ඇති අතර ඔහු පලෙයි රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය මහරෝහලට මාරුකර යවා ඇත.
හානි සිදුවූ එක් අතක් ඉවත් කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇතියි රෝහල් වෛද්‍යවරුන් පවසා ඇති බවට පරික්ෂණ සිදුකරන පලෙයි හා කොඩිකාමම් පොලීසිය පවසයි.










