පසුගිය 07වෙනිදා ශ‍්‍රීලනිප මන්ත‍්‍රී වෝල්ටර් ජානක බස්නාහිර පළාත් සභාවට හැට්ටයක් ගෙනඒම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය. අදාල මන්ත‍්‍රීවරයා විසින් සිය ප‍්‍රතිපාදන යොදා සිදුකළ ව්‍යාපෘති කිහිපයක් ප‍්‍රමිතියෙන් තොරවීම නිසා සිදුව ඇති මුදල් නාස්තිය පිළිබඳව ජවිපෙ මන්ත‍්‍රී මහින්ද ජයසිංහ කීපවතාවක් ප‍්‍රශ්න කර තිබේ. නමුත් එම ප‍්‍රශ්නයට පිළිතුරු දීම දිනෙන් දින කල්දැමීමට ඇමතිවරයා කටයුතු කර තිබේ. පසුගිය සතියේ සභාවාරයේදීද ජවිපෙ මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රශ්නය නැවතත් විමසූ අවස්ථාවේදී පළාත් ඇමතිවරයා පිළිතුරුදීමට කල් ඉල්ලා සිටියේය. නමුත් චෝදනාවට ලක්වී ඇති මන්ත‍්‍රීවරයා නැගිට ප‍්‍රශ්න කිරීම ගැන ප‍්‍රශ්න කළේ පදනම් විරහිතව චෝදනා එල්ල කරන බව පවසමිනි. එතනින් නොනැවතුණු මන්ත‍්‍රීවරයා තමන් රැගෙන ආ හැට්ටයක්ද පෙන්වමින් කියා සිටියේ මේවා ඕපදූප කතා බවය.
“මන්ත‍්‍රීතුමා ඊයේ ගලවගත්ත එකක් අමතක වෙලා සභාවට ගෙනල්ලා. මේ ව්‍යාපෘතිවල ප‍්‍රමිතියක් නැහැ. පාසලක් ළඟ හදපු කාණුවලට ළමයි වැටෙනවා. පාලම්වලින් මිනිස්සු යන්න බයයි. ඒ නිසා මේ ගැන හොයලා බලන්න ඕනෑ. මේ ප‍්‍රශ්නයට ඇමතිවරයා උත්තරයක් දෙන්න ඕනෑ. ඇත්ත හෙළි වුණාම හැට්ටය අදින්න වෙන්නේ ගෙනාපු කෙනාටම තමයි” මහින්ද ජයසිංහ කියනවාත් සමඟ අදාළ මන්ත‍්‍රීවරයා හැට්ටයද සඟවාගෙන අසුන් ගත්තේය.










