වර්ජනයේ නිරත වෘත්තිය සමිතිවලට ජනාධිපතිගෙන් සාකච්ඡාවක් – අපිට දන්වලා නැහැ දුම්රිය වෘත්තිය සමිති

වර්ජනයේ නිරත වෘත්තිය සමිතිවලට ජනාධිපතිගෙන් සාකච්ඡාවක් – අපිට දන්වලා නැහැ දුම්රිය වෘත්තිය සමිති

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.

ඕනෑම ගැටලුවක් සාකච්ඡා කර විසඳාගත හැකි බවත් පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.

අද (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමටවත් කටයුතු කර නොමැති බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරයි.

මේ නිසා ගැටලු විසඳනතෙක් අඛණ්ඩව වැඩ වර්ජනය සිදුකරන බවද දුම්රිය නියාමකයන්ගේ සංගමයේ ලේකම් පී.එම්.පී. පීරිස් මහතා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn