කුඩා ගුවන් යානා දෙකක් පැයක කාලයක් ඇතුළත ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටියේ ගැටී ඒවායේ ගමන්ගත් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
පළමු ගුවන් යානය අනතුරට ලක්වී වනාන්තරයට කඩා වැටී ඇති අතර එහි ගමන්ගත් එකම පවුලේ හතර දෙනෙකු මියගොස් ඇත. දෙවන අනතුරින් පුද්ගලයන් 17 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
මුහුදු මට්ටමේ සිට අඩි 8000කට වැඩි උසින් පිහිටි ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ දී ගුවන් අනතුරු සිදුව ඇති අතර අනතුර සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නැත.
කෙසේවෙතත් ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් එම ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම්වල නිරත වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
8










