ළමා රක්ෂක අධිකාරිය තොරතුරු දැනගැනීමේ පනතට පිටුපායි

ළමා රක්ෂක අධිකාරිය තොරතුරු දැනගැනීමේ පනතට පිටුපායි

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුර සඳහා විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරාගත් සුදුසුකම් ලාභීන් සිටියදී දේශපාලන අතපෙවීම් මත පත්වීම් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධව 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා සිටියද එම තොරතුරු ලබා නොදෙන බවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට ලිඛිතව පැමිණිලි කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයට හා අගමැති කාර්යාලයට ද තමන් ලිඛිතව කළ කරුණු දැනුම්දීමට අනුව අදාළ ආයතන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දැනුම් දී ඇති නමුත් අමාත්‍යංශය ද මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ඔවුන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයා ද මෙම සිදුවීම ගැන වෙන වෙනම විමර්ශන දෙකක් පවත්වයි.

යහපාලන රාජ්‍ය මූලධර්ම ක්‍රියාත්මක කරමින් මෙම ගැටලුවලට කඩිනමින් පිළිතුරු ලබා දෙන්නැයි ඒකාබද්ද රැකියා විරහිත උපාධිධාරී සංගමය වැඩිදුරටත් කියා සිටියි.

Facebook
Twitter
LinkedIn