වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මධුරෝට ඩ්‍රෝන් යානා ප්‍රහාරයක් එල්ල වී තිබේ.
වෙනිසියුලාවේ කර්කාස් නුවර පැවති උත්සවයක දී ඩ්‍රෝන යානයක් උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් ජනාධිපතිවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයින් හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට සන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නිකොලොස් මධුරෝ හියුගෝ චාවේස් ජනාධිපතිවරයාගෙන් පසු වෙනිසියුලාවේ අනාගතය භාරගත් ඔහුගේ අනුප්‍රාප්තිකයාය. වෙනිසියුලාවේ පෙරලිකාර වෙනස්කම් රැසක් සිදු කිරීමට මධුරෝ කටයුතු කර ඇති අතර ඔහු දැඩිව ඇමරිකානු ප්‍රතිපත්තිවලට ප්‍රහාර එල්ල කරන්නෙකි.
11










