වෙල්ගම කවටයෙක්

මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කවටයෙකු බවත් ඔහු ගැන කතා කිරීමෙන් පලක් නැති බවත් මහින්ද පිලේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

සතිඅන්ත පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.

“කුමාර වෙග්ලම මන්ත්‍රීතුමා ගැන කතා කරලා වැඩක් නැහැ. එතුමා මේ පක්ෂයේ මිනිස්සු බොහෝම ආදරය කරපු කෙනෙක්. හැබැයි ඉතින් මේ මෑත කාලයේ කරපු සමහර ප්‍රකාශ නිසා විකටයෙක් වෙලා ඉන්නවා” යැයි එහිදි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත් ඒකාධිපති පාලකයන්ට මෙරට බලය නොදිය යුතු බවටත් කුමාර වෙග්ලම මහතා නිරන්තරයෙන් ප්‍රකාශ කරමින් සිටියි. පසුගියදා රටේ ඇති වූ “හිට්ලර්” සාකච්ඡාවේදීද කුමාර වෙල්ගම මහතා සිය අදහස් ප්‍රකාශ කරනු ලැබූවේ මෙරටට හිට්ලර් පන්නයේ පාලකයෙකු අවශ්‍ය නොවේය යන මතියේ සිටිමිණි.

Facebook
Twitter
LinkedIn