කොතලාවලට ගිය සයිටම් සිසුන් කබලෙන් ලිපට වැටේ

කොතලාවලට ගිය සයිටම් සිසුන් කබලෙන් ලිපට වැටේ

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනයේ ඉගනුම ලබමින් සිටි සිසුන් රජය මගින් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුලත් කළද වාර්ශිකව රුපියල් ලක්ෂ 13 බැගින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ගෙවීමට සිදුව ඇති බව වාර්තා වේ.

සයිටම් ආයතනයේ ශිෂ්‍යත්ව පදනම මත ඉගනුම ලබමින් සිටි සිසුන් මෙන්ම සම්පූර්ණ මුදල ගෙවා අවසන්ව ඇති සිසුන්ගෙන්ද වාර්ශිකව රුපියල් ලක්ෂ 13 ක මුදලක් අයකරන බව කොතලාවල සරසවිය තමන්ට දන්වා ඇතැයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිට කොතලාවල වෛද්‍ය විද්‍යාලයට තේරී පත් වූ සිසුන් පවසයි.

මෙලෙස මුදලක් නැවත අය කිරීම අසාධාරණ තීන්දුවක් බවත් මේ හේතුවෙන් තමන් කබලෙන් ලිපට වැටී ඇති බවත් එම සිසුන් පවසයි. බැංකු ණය ලබා ගැනීමෙන් සයිටම් ආයතනයට මුදල් ගෙවූ සිසුන් එම ණය පවා ගෙවා ගත නොහැකිව පවතින අවස්ථාවක මෙලෙස නැවත මුදලක් අය කිරීම තමන් දැඩි පීඩාවට පත් කර ඇතැයි ඔවුන් පවසයි.

Facebook
Twitter
LinkedIn