උපාලි තෙන්නකෝන්ගේ නඩුවේ පැමිණිල්ල ගොනුකරන්නැයි අධිකරණයෙන් නියෝග

උපාලි තෙන්නකෝන්ගේ නඩුවේ පැමිණිල්ල ගොනුකරන්නැයි අධිකරණයෙන් නියෝග

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඒ මහතාගේ බිරිඳට 2009 වර්ෂයේ ජනවාරි 23 වැනි දා ගම්පහ ඉඹුල්ගොඩ දී සිදුකර තිබූ පහරදීම සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයින් 06 දෙනෙකුට විරුද්ධව ඇති නඩුවේ විමර්ශන අවසන් කර පැමිණිල්ල ගොනු කරන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (20) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

2017 වසරේ අප්‍රියෙල් 07 වැනි දා සැකකරුවන්ට අධිකරණයෙන් ඇප නියම කිරිමෙන් අනතුරුව අධිකරණය හමුවේ නඩුව කැඳවු සෑම අවස්ථාවකම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් දුරකතන විශ්ලේෂණ වාර්තා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අධිකරණය දැනුවත් කර තිබිණි.

මෙලෙස විමර්ශන කල් ගත නොකර පැමිණිල්ල ගොනු කරන ලෙස අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn