අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතු වූ ජනාධිපතිවරයා විසින් “එපා කියපු” විමර්ශනයක් සිදු කළ නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී.
ඒ අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිණි.
වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිස ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර එක් ඇමතිවරයෙකු ගෙන්වා ප්‍රශ්න කළ බවත් එයට කලබල වූ එම ඇමතිවරු ජනාධිපතිවරයා හමුවී අදාළ පරීක්ෂණ නතර කරන්නැයි ඉල්ලා සිටි බවත් ඒ අනුව අදාළ පරීක්ෂණ නතර කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබියදීත් එයට යට නොවී එම ඇමතිවරු සම්බන්ධ පරීක්ෂණ දිගටම සිදු කිරීම නිසා එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට ගෙදර යාමට සිදු වූ බවත් එහිදී විජිත හේරත් මහතා අනාවරණය කරන ලදී.
එකල සමාජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසට රාජිත සේනාරත්න අමාත්‍යවරයාව ගෙන්වා ප්‍රශ්න කිරීමත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් නඩු ගොනු කිරීමට සූදානම් වීමත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැලැක්වීමට බලපෑම් කිරීම නිසා ඇය සිය තනතුරෙන් ඉල්ලා අස් වූ බවය.
එහිදී විජිත හේරත් මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.










