ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000ක මුදල් නෝට්ටු 02ක් සමඟ හලාවත පොලීසිය විසින් අද (20) දහවල් භික්ෂූන්වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන තිබේ.
බුලත්පිටිය ප්‍රදේශයේ රාජමහා විහාරයක වාසය කර ඇති බව කියන මෙම සැකකාර භික්ෂූන් වහන්සේ පසුව නවගත්තේගම – මහමැද්දෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කර ඇත.
එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ගිලන් වී හලාවත මහ රෝහලේ ප්‍රතිකර ලබමින් සිට ඇත. උන්වහන්සේගේ සැප දුක් විමසීම සදහා පැමිණ ඇති සැකකාර භික්ෂූන් වහන්සේ හලාවත මහා රෝහල ඉදිරිපිට ඇති ව්‍යාපාරික ස්ථාන කීපයකින් රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ලබා දී විවිධ දෑ මිළදී ගැනීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී ව්‍යාපාරයෙකු විසින් හලාවත පොලීසියට ලබා දී තිබූ තොරතුක් අනුව වැටලීම සිදු කර ඇත. සැකකාර භික්ෂූන් වහන්සේ සතුව තිබී එකම අංකයෙන් යුක්ත රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 02ක් පොලිස් බාරයට ගෙන තිබේ. එම භික්ෂූන් වහන්සේ පැමිණි බව කියන ත්‍රී රෝද රථයේ රියදුරා ත්‍රී රෝද රථය අතහැර දමා පලා ගොස් ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.










