මිලියන ගණනක් වටිනා තවත් ඉන්ධන තොගයක් අපතේ යයි

මිලියන ගණනක් වටිනා තවත් ඉන්ධන තොගයක් අපතේ යයි

ගාල්ල ඛනිජතෙල් තොග ගබඩාවේ ටැංකියක සිදුරකින් ඩීසල් කාන්දුවීමෙන් ලීටර් 26,000ක් විනාශවී ඇති බව වාර්තා වේ.

පසුගිය 18වනදා මෙම තෙල් කාන්දුව සිදුව ඇති නමුත් එය අනාවරණය වී ඇත්තේ දින කිහිපයකට පසුවය.

නිසි නඩත්තුවක් නොමැති වීමෙන් මෙම ඩීසල් කාන්දුව සිදුව ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර එම ටැංකිය දිරාපත්ව ඇති බවද වාර්තා වේ.

මෙම ඩීසල් කාන්දුවෙන් රුපියල් මිලියන 04කට ආසන්න පාඩුවක් සිදුව ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn