කොළඹ තැන් කිහිපයක ජල සැපයුම අත්හිටුවේ

කොළඹ තැන් කිහිපයක ජල සැපයුම අත්හිටුවේ

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (20) රාත්‍රී 09.00 සිට හෙට (21) උදෑසන 06.00 දක්වාපැය 09ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙය බේස්ලයින් මාර්ගයේ කැළණි පාලම හන්දියේ සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග, හෙට්ටිවිදීය සහ  සියලු අතුරු මාර්ග, කොළඹ 13,14,15 යන ප්‍රදේශවලට බලපැවැත් වෙන බව පැවසේ.

මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට ජල සැපයුම මන්දගාමී විය හැකි බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn