පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයගහණය වෙනුවෙන් චීන සමාගමක් විසින් මුදල් වියදම් කළ බවට නිවි යෝර්ක් ටයිම්ස් පුවත් පත විසින් සිදු කළ අනාවරණය සම්බන්ධ විවාදය ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවත් විණි.
එම විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ අබ කාපු මිනිහගෙ මොළේ දනව වගේ හොර කමට හවුල් වූ අය අද කලබල වී ඇති බවයි.
බැඳුම්කර කොමිසම ගැන විවාදයේදී රනිල් වික්‍රමසිංහ ගැන කතා නොකර එම විවාදය සිදු කළ නොහැකිවා සේම නිවාස බෙදාදීමේදී ඇති වී තිබෙන වංචා දූෂණ ගැන කතා කිරීමේදී හිටපු නිවාස ඇමතිවරු ගැන කතා නොකර සිටිය නොහැකිවා සේම තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා චීනයෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන විවාදයේදී මහින්ද රාජපක්ෂගේ නම නොකියා විවාද කළ නොහැකි බවද අනුර දිසානායක මහතා සඳහන් කළේ ය.
රටේ සංවර්ධනයට අදාළ අවශ්‍යතාවයන් පිළිබඳ ප්‍රමුඛතාවයන් ගැන සලකා සංවර්ධන කටයුතු සිදු කර නොමැති බවත් සිදු කළ යුතුව ඇත්තේ රට ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සංවර්ධනයකට ප්‍රමුඛතාවයන් අනුව කටයුතු කිරීම බවත් මෙහිදී අනුර දිසානායක මහතා අවධාරණය කළේය.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ අනාවරණය සම්බන්ධයෙන් අනුර දිසානායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.










