එමිල් – නියෝමාල්ගේ ඇප අයදුම්පත ඉවතට

එමිල් – නියෝමාල්ගේ ඇප අයදුම්පත ඉවතට

වැලිකඩ බන්ධනාගාරය තුළදී රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන දෙදෙනා විසින් ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත මහාධිකරණය අද(19) ප්‍රතික්ෂේප කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් සතුව තිබූ බව කියන මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන ඇතුළු තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය හා බන්ධනාගාර බුද්ධි ආරක්ෂණ අංශය එක්ව 2012 නොවැම්බර් මස 09 වැනි දින සිදු කළ හදිසි සෝදිසියක් අතරතුරදී ඇති වූ කලහකාරී තත්ත්වයකදී එහි රඳවා සිටි සැකකරුවන් 27 දෙනකු ඝාතනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගත් අතර ඇප මත නිදහස්කරන ලෙස ඉල්ලා සැකකරුවන් විසින් ගොනුකරන ලද ඇප අයදුම්පත විභාගයට ගත් අවස්ථාවේ මහාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබේ.

Facebook
Twitter
LinkedIn