ප්‍රතිරූපය නංවන්න මහින්දගෙන් පඩි ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තුව තහනම්

ප්‍රතිරූපය නංවන්න මහින්දගෙන් පඩි ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තුව තහනම්

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ මෙරට ආණ්ඩුවේ ප්‍රතිරූපය නැංවීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් පවුම් දෙලක්ෂ තිස් දෙදහසක් (£232,000) ලබා ගත් බ්‍රිතාන්‍යයේ ඉයන් පේස්ලි මන්ත්‍රීවරයාට දින 30ක් පාර්ලිමේන්තුව තහනම් කර ඇති බව බීබීසී සේවය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට උපදෙස් ලබාදීමට යැයි සඳහන් කරමින් එම මන්ත්‍රීවරයා සිය බිරිඳ සහ දූදරුවන්ද සමග මහින්ද රාජපක්ෂ පාලනයේ අනුග්‍රහයෙන් මෙරට ඉහළ පෙළේ සුඛෝපභෝගී හෝටල්වල ලැගුම් ගනිමින් රාජපක්ෂ ආණ්ඩුවෙන් වැටුප් ලබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් නොකිරිම තුළින් පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාරධර්ම බිඳහෙළීම යන චෝදනාවට වරදකරු වීමෙන් ඔහුට මෙලෙස පාර්ලිමේන්තුව දින 30ක් තහනම් කර ඇත.

2010 වසරේ සිට මෙම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය සිදු කර ඇති අතර 2013 අවස්ථා දෙකකදී මෙම පවුම් දෙලක්ෂ තිස් දෙදහසක් (£232,000) මුදල ඔහුට ගෙවා තිබේ.

එමෙන්ම යම් හෙයකින් එම මන්ත්‍රීවරයාගේ ආසනයෙන් 10%කට වැඩි ප්‍රමාණයක අත්සන් සහිතව පෙත්සමක් ගොනු වුවහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි වන බවත් බීබීසී ප්‍රවෘත්තියේ සඳහන් කර ඇත.

මූලාශ්‍ර BBC

Facebook
Twitter
LinkedIn