එක්කෝටි තිස් ලක්ෂයක මත් ගුලි බ්‍රසීල ජාතිකයෙකුගේ උදරයේ

එක්කෝටි තිස් ලක්ෂයක මත් ගුලි බ්‍රසීල ජාතිකයෙකුගේ උදරයේ

කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 60ක් ගිල මෙරටට පැමිණ බ්‍රසීල ජාතිකයෙකු ඊයේ(30) කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑම් 500ක පමණ කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් ගිල දෝහා කටාර් සිට කටුනාකයක ගුවන් තොටුපළට පැමිණි 30 හැවිරිදි මෙම තරුණයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහුගේ උදරයෙන් මත්ගුලි 60ක් පමණ ඉවතට ගත් බව පොලීසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක්කේටි තිස් ලක්ෂයකට ආසන්න බව වාරතා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සැකකරු අද(1) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn