නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියගෙන් රන්ජන් රාමනායකට පිළිතුරු

නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියගෙන් රන්ජන් රාමනායකට පිළිතුරු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චයිනා හාබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිනුමකින් මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හරහා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශයට නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සකස්කළ මාධ්‍යවේදිනිය පිළිතුරු ලබා දී තිබේ.

මාධ්‍යවේදිනී මරියා අභිහබ් සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ සිදුකළ අණාවරණය කිරීම්වලට අදාල ප්‍රවෘත්ති මූලාශ්‍ර තමා හෙලිකර නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමා දුරකථනය ඔස්සේ පැවසූ දෙය වෙනත් ආකාරයකට ප්‍රකාශ කර ඇති බවත් ය. එමෙන්ම දේශපාලන මඩ ගැසීම්වලට සහය දීමට තමාට කිසිත් අවශ්‍යතාවක් නොමැති බවත් ඇය පවසා තිබේ.

මේ අතර චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ මෙම පුවත සම්බන්ධව චීන තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග සිදුකෙරෙමින් පවතින බවත් ය. මෙම තත්වයන් ශ්‍රී ලංකා චීන සහයෝගීතාවයට බලපෑම් නොවන බවත් චීන තානාපති කාර්යාලය පවසා සිටියි.

Facebook
Twitter
LinkedIn