මාතලේ නොරිටාකේ පුද්ගලික සමාගමේ අන්තර් සමාගම් සේවක සංගම් ශාඛාවේ වාර්ශික මහ සභා රැස්වීම අද(30) පැවැත්විණි.
ඒ අවස්ථාව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඇතුලු වෘත්තීය සංගම් නියෝජිතයෝ රැසක් සහභාගී වී සිටියහ.
1970 වසරේ දී ආරම්භ කරන ලද ලංකා පෝසිලෙන් සමාගම වර්තමානය වනවිට නොරිටාකේ පෝසිලෙන් සමාගම නමින් තම නිශ්පාදන කටයුතු සිදුකරමින් සිටියි. රත්තොට පෙල්ස්පාර් පතල ද මෙම සමාගම යටතේ පවතී. මෙම ව්‍යපෘතිය මඟින් මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල ආදායමක් එක්කරනු ලබයි.
8











