උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් සිය තනතුරෙන් ඉවත් විය යතු බව උතරු පළාත් විපක්ෂ නායක එස්. තවරාසා පවසයි.
උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රවාහන සහ ධීවර අමාත්‍ය බී. ඩෙනීෂ්වරන් එම තනතුරින් ඉවත් කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් නිකුත් කරන ලද නියෝගය අත්හිටුවමින් ඊයේ(29) අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. බී. ඩෙනීෂ්වරන් විසින් ගොනු කර තිබූ පෙත්සම සළකා බැලූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කළේය.
බී. ඩෙනීෂ්වරන් මන්ත්‍රීවරයා ඉවත්කරමින් පසුගිය වසරේ අගෝස්තු මාසයේ ප්‍රධාන අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කර ඇති අතර පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාල අතුරු තහනම ක්‍රියාත්මක බව අභියාචනාධිකරණය නියෝග කර සිටියේය.
මේ අතර පසුගිය දා මහනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කියා සිටියේ සී. වී. විග්නේෂ්වරන් මහ ඇමතිවරයා ලෙස පත් කිරීම අසාර්ථක අත්හදාබැලීමක් පවයි. මීට ඉහත ද අවස්ථා කිහිපයක දී සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබුණි.










