ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභය 2016 වසරට සාපේක්ෂව 240%ක වරධනයවීමක් සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත්කළ නවතම වාර්තාවේ දැක්වේ.
ලංකා විදුලිබල මණ්ඩලය 2016 වසරේදී රුපියල් කෝටි 1449ක පාඩුවක් ලැබූ බවත් එය 2017 වසරේදී රුපියල් කෝටි 4923ක අලාභයක් ලබා ඇති බවත් වාර්තාවේ දැක්වේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ අලාභය මෙලෙස ඉහළයාමට හේතු වී ඇත්තේ එහි මෙහෙයුම් පිරිවැය ඉහළ යැම නිසා බවද 2017 වසරේදී මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය රුපියල් කෝටි 27296 දක්වා වැඩි වී තිබෙන බවද එහි සඳහන් වේ.
9










