එප්පාවල පොස්පේට් පොහොර නිපදවීමට අදාල විද්වත් වාර්තාව කෘෂිකර්ම ඇමතිට භාරදෙයි

එප්පාවල පොස්පේට් පොහොර නිපදවීමට අදාල විද්වත් වාර්තාව කෘෂිකර්ම ඇමතිට භාරදෙයි

එප්පාවල පොස්පේට් නිධියෙන් පොහොර නිපදවීම සඳහා තාක්ෂණික අධ්‍යනයක් සිදු කිරීමට පත්කළ විද්වත් කමිටුවේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පසුගිය දා භාර දෙනු ලැබීය.

මෙම පොස්පේට් නිධිය මගින් සිංගල් සුපර් පොස්පේට් නිපදවීම සඳහා රුපියල් බිලියන 2ක මුදලක් වැය වන බවත් එම මුදල ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා ඇත. දේශීයව පොහොර නිපදවීම මගින් පොහොර ආනයනය කිරීම සඳහා වාර්ශිකව වැයවන රුපියල් මිලියන 7000ක පමණ මුදල ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද විද්වත් කමිටුව අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

එසේම විදේශීය ආයෝජයන් මෙම පොස්පේට් නිධිය සඳහා සිය ආයෝජන සිදු කිරීමට ඉදිරිපත්ව ඇති බවත් මෙම ජාතික සම්පත විදෙස් ආයෝජකයන්ට ලබා නොදෙන බවත් අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.

මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ සම්මානිත මහාචාර්ය ඕ. ඒ. ඉල්ලෙපෙරුම මහතා ප්‍රමුඛ විශේෂඥ මඬුල්ලක් විසිනි.

ශ්‍රි ලංකාවේ එප්පාවල ප්‍රදේශයේ පවතින පොස්පේට් නිධිය ලෝකයේ හොඳම පොස්පේට් නිධියක් ලෙස හඳුනාගෙන තිබේ. පොස්පේට් හා සල්ෆර් ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතීම හා කැඩ්මියම් රහිත වීම මෙම විශේෂතාවයට හේතු වේ. උතුමැද පළාතේ පැතිරයන වකුගඩු රෝග සඳහා මූලික හේතුවක් ලෙස කැඩ්මියම් අඩංගු පොහොර වගාවන්ට යෙදීම හඳුනාගෙන ඇති අතර රටේ ආර්ථිකයටත් වකුගඩු රෝගයට හා රටේ කෘෂිකර්මය සඳහා මෙය හිතකර පියවරක් ලෙස විද්වත් කමිටුව කරුණු පැහැදිලිකර ඇත.

Facebook
Twitter
LinkedIn