යුරෝපයට පලා එන සංක්‍රමණිකයන් සම්බන්ධව එකඟතාවලට පැමිණීමට යුරෝපා නායකයින් සමත් වී තිබේ.
ඒ අනුව සංක්‍රමණිකයින් සඳහා ස්වේච්ඡා මට්ටමින් තාවකාලික මධ්‍යස්ථාන ඉදි කිරීමට යුරෝපා නායකයෝ එකඟ වී තිබේ. නමුත් එම මධ්‍යස්ථාන ඉදිකරන ස්ථාන හෝ රටවල් සම්බන්ධව හෙලි වී නොමැත.
යුරෝපයට සංක්‍රමණයවන අති විශාල සංක්‍රමණික පිරිස් අතුරින් සරණාගත සංක්‍රමණිකයින් තෝරා ගැනීමත් ව්‍යාජලෙස යුරෝපය තුළට පිවිසීමට කටයුතු කරන්නන් නැවත ඔවුන්ගේ රටවලට පිටත් කර හැරීමටත් මෙම මධ්‍යස්ථාන තුළදී කටයුතු කරනු ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ යුරෝපා නායකයින් අතර බ්‍රසල්ස් නුවරදී පැය 10කට අධික කාලයක් පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුවය.
කලක සිට යුරෝපය තුළට සංක්‍රමණිකයන් ඇතුලුවීම විශාල ලෙස ඉහළ ගොස් තිබූ අතර ඉතාලිය හා ග්‍රීසිය හරහා වැඩිම පිරිසක් යුරෝපය තුළට සංක්‍රමණය වී තිබේ.
8










