විරුන්ගා සහ සැලොන්ගා ලෙස හැඳින්වෙන කොංගෝ ජනරජයට අයත් සදාහරිත වැසි වනාන්තර තුළ ඛණිජ තෙල් ගවේෂණය සඳහා අවසර දී තීබේ.
ඇමසන් වනාන්තරයට පමණක් විශාලත්වයෙන් දෙවැනිවන සදාහරිත වැසි වනාන්තරයක් ලෙස සැළකෙන කොංගෝ ද්‍රෝණියේ ඉන්දන ගවේෂණය සඳහා වන කැණීම් සිදු කිරීමට කොංගෝ ජනරජය මගින් අවසර ලබා දී තිබේ. යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති සැලොන්ගා වනෝද්‍යානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 36000ක් පමණ වේ. මෙම භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක ඛණිජ තෙල් ගවේෂණයට මේ අනුව අවසර ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මිහිමතින් තුරන්වීමේ අවධානමක් පවතින කඳුකර ගෝරිල්ලන්, කුරු අලි මෙන්ම බොනොබෝ ලෙස හැඳින්වෙන වඳවීමේ තර්ජනයට දැඩිව මුහුන දී ඇති වානර විශේෂයේ වාසස්ථාන මෙම සදාහරිත වනාන්තර වන අතර ඛණිජ තෙල් කැනීම හරහා සිදුවන වාසස්ථාන විනාශයට එරෙහිව පරිසර සංවිධාන බොහෝමයක් මෙම අවසරය හෙලා දැක තිබේ.










