පාර්ලිමේන්තුවේ දැනට සම්මතවී ඇති පළාත් සභා සඳහා වන නව මැතිවරණ පනතේ පවතින අඩුලුහුඩුකම් හේතුවෙන් එය නැවත සමාලෝචනය කිරීමටත් සමාලෝචන වාර්තාව රජයට ඉදිරිපත් කිරීමටත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එම සංවිධාන දෙක ඒකාබද්ධව සමාලෝචන කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මහාචාර්ය සුදන්ත ලියනගේ ආචාර්ය සුජාතා ගමගේ, පී.එම්. සිරිවර්ධන, එස් මැදවැව, කුමුදුනු සැමුවෙල්, නීතිඥ ලුවි ගනේෂනාදන්, රෝහණ හෙට්ටිආරච්චි සහ මංජුල ගජනායක යන මහත්වරු නියෝජනය කරයි.
සම්මත වී ඇති මැතිවරණ පනතේ අඩුලුහුඩුකම් නිරාකරණය කර ගැනීම සඳහා මෙවැනි කමිටුවක් පත් කළ බව මේ සම්බන්ධව අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
7









