පොහොට්ටුවට බලය හිමි තංගල්ල ප්‍රාදේශීය සභාවේ 2018 මැයි මාසයට අදාල මුදල් හා ප්‍රතිපත්ති සැලසුම් කමිටු වාර්ථාව පරාජයට පත් වී ඇති බව වාර්තා වේ.
යෝජනාවට පක්ෂව ඡන්ද 12ක් ද යෝජනාවට විරුද්ධව ඡන්ද 13ක් ද ලෙස ලැබී ඇත.
මැයි මාසයට අදාල ගෙවීම් වාර්ථාව අනුමත කිරීමට විරුද්ධව ජ.වි.පෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජුවානා බදුගේ චමින්ද මහතා ගෙන ආ යෝජනාව ජ.වි.පෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් සෙනරත් මහතා ස්ථිර කල අතර මෙම වාර්ථාවට විරුද්ධව එ.ජා.ප යේ මන්ත්‍රී 6 දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී 4 දෙනා ජ.වි.පෙ මන්ත්‍රී 03 දෙනා ඡන්දය ප්‍රකාශ කල අතර යෝජනවාට පක්ෂව ඡන්ද ලැබුනේ 12 ක් පමණි.
මේ අනුව යෝජනාව වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කිරීම හේතුවෙන් මාසික වාර්තාව සම්මත කර ගැනීමට නොහැකි වී ඇත.
3










