විශ්වවිද්‍යාල තුළ වෛද්‍ය උපාධිය ඇතුළු උපාධි පාඨමාලා මුදලට විකිණීම සඳහා රජය ගෙන යන කුමන්ත්‍රණය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා සිදුව ඇති මුදල් වංචා පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද(29) වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
මෙහිදී අදහස් දක්වමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු දිදුල අමරසිංහ පවසා සිටියේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ මුදලට උපාධි විකිණීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ වන විට විවිධ රටවල ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බවයි. වෛද්‍ය උපාධිය සඳහා වසරකට ඩොලර් 12500ක් ද කලා උපාධිය සඳහා ඩොලර් 3000ක්ද ආදී වශයෙන් මුදල් නියමකර අධ්‍යාපනය ලාභ ලබන ව්‍යාපාරයක් දක්වා ගෙන යාමේ කුමන්ත්‍රණයක් රජය මගින් ගෙන යන බව දිදුල අමරසිංහ හෙලි කර සිටියි.
එසේම රජයේ විශ්වවිද්‍යාල තුළ පහසුකම් හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිපාදන වෙන් නොකොට උපාධි මුදලට අලෙවිකර ප්‍රතිපාදන සෙවීමට රජය උත්සාහ ගනිමින් සිටියි. අධ්‍යාපන සඳහා 6%ක ප්‍රතිපාදන වෙන් කරන ලෙස දිගින් දිගටම විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුලු ශිෂ්‍ය ප්‍රජාව රජයට බල කර සිටිය ද එසේ නොකොට අධ්‍යාපනය මුදලට විකිණීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ක්‍රියාකරමින් පවතින බව දිදුල අමරසිංහ පවසයි.
එසේම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය දියුණු කිරීමට අදාලව කුවේට් රාජ්‍යයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී ඇති ප්‍රතිපාදනවලට කුමක් සිදුවූයේ දැයි වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු මුදල් බැදුම්කර වංචාට අදාලව භාවිත කර ඇතැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම මහතාට චෝදනා පවතින බවත් කුවේට් රාජ්‍යයෙන් ලැබුණු මුදල් එම වංචා පියවාගැනීම සඳහා යොදවාඇති බවට සැකයක් පවතින බවත් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.
මෙම මාධ්‍ය හමුව සඳහා පේරාදෙනිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේඛම් ද එක්ම සිටිය හ.
මෙම මාධ්‍ය හමුවේ වැඩිදුර විස්තර පහතින් ශ්‍රවණය කළ හැක.










