තාජුඩීන් ඝාතන නඩුවේ ප්‍රමාදයට හේතුව රාජපක්ෂ පවුලේ නාවික ආරක්ෂකයින්ගේ වාර්තා නොමැතිවීමයි

තාජුඩීන් ඝාතන නඩුවේ ප්‍රමාදයට හේතුව රාජපක්ෂ පවුලේ නාවික ආරක්ෂකයින්ගේ වාර්තා නොමැතිවීමයි

මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතන නඩුවේ විමර්ෂණ කටයුතු ප්‍රමාදවීමට හේතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින ලද නාවික හමුදා නිලධාරින් සම්බන්ධයෙන් වාර්තා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නොමැතිවීම  බව නාවික හමුදාපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි අදාල නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

තාජුඩීන් ඝාතන නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු ප්‍රමාදවීමට මෙම වාර්තා නොලැබීම හේතුවක් වන බැවින් ඒ සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කර ඇත.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සිද්ධියට අදාලව ඇප මත සිටින සිටින නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති  සුමිත් චම්පික,හිටපු  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර යන අය අධිකරණයේ පෙනී සිටියහ.

Facebook
Twitter
LinkedIn