මිග් වංචාව සම්බන්ධයෙන් මෙරට අධිකරණයට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු ලෙස ජාත්‍යන්තර වරෙන්තු කරුවෙකු වන රුසියානු තානාපති උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණීමට කැමැත්තක් ඇත්නම් ඒ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අධිකරණයට සඳහන් කර අවසර ලබා ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තු අද (29) අධිකරණයේදී දැනුම්දී තිබේ.
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානමින් සිටින බව මිග් යානා ගනුදෙනුවේදී සිදුව ඇති වංචාවට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.
එම අවස්ථාවේ නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයට කරුණු දැක්වූ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා මේ බව සඳහන් කර තිබේ.
4










