බැඳුම්කර බෑනා ජනාධිපති කොමිසමට දී ඇත්තේ විකෘති කළ DVD

බැඳුම්කර බෑනා ජනාධිපති කොමිසමට දී ඇත්තේ විකෘති කළ DVD

ජනාධිපති බැඳුම්කර කොමිසන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් එම කොමිසමට ලබාදී තිබු ඩීවීඩී තැටි විකෘති කර ඇති බවත් ඇතැම් සංවාද මකා දමා ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගීයාගම මෙනවිය මෝසමක් මගින් කරුණු ඉදිරිපත්කරමින් අද (29) අධිකරණයට දන්වා තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ සිද්ධියට අදාළ මෝසමක් කැඳවු අවස්ථාවේ වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගේ අනුබලය ඇතුව කසුන් පලිසේන, නුවන් තිළිණ සල්ගාදු, සචිත්‍ර දේවතන්ත්‍රී යන අය විසින් මෙම විකෘති කිරීම සිදු කර ඇති බවයි.

ඒ අනුව මකා දමා ඇති ඩීවීඩී තැටි 04ක් සහ පරිගණක දෙකක් ඇතුළු ඩීවීඩී 08ක් රජයේ සැක කටයුතු ලේඛන පරික්ෂකවරයා වෙත යොමු කර අදාළ වාර්තා කැඳවන ලෙස අධිකරණ නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn