උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ සිදුකරන කැනීම් කටයුතු හේතුවෙන් ඉවත්කෙරෙන අප ජලය හා විවිධ අපද්‍රව්‍ය අලි කොට් ආර ජල මූලාශ්‍රයන්ට එකතුවීමෙන් එම ජලය පරිහරණය කරන පවුල් 12700ක පිරිසක් දැඩි සෞඛ්‍ය තර්ජනයන්ට ලක්ව ඇතැයි එම ජනතාව චෝදනා කරයි.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කැණීම් කටයුතු සඳහා යොදාගැනෙන විවිධ රසායනික ද්‍රව්‍ය හා ඒවායේ බහාලුම් ලෙස පවතින ප්ලාස්ටික් හා පොලිතීන් මෙන්ම ඉවත් කරනුලබන සපත්තු, හිස්වැසුම් වැනි ඝන අපද්‍රව්‍ය රැසක් ජල මූලාශ්‍රයන්ට එකතුවී තිබේ. එසේම කැනීම් කටයුතු හේතුවෙන් ඉවත් කෙරෙන ගල් කුඩු පානීය ජල මූලාශ්‍රයන්ට එකතුවීම ද සිදුවන බව ප්‍රදේශවාසීන් පවසයි.
උමං කැනීම සඳහා යොදා ගන්නා රසායනික අපද්‍රව්‍ය හා ගල් කුඩු වැනි ඝන අපද්‍රව්‍ය සෘජුවම ජල මූලාශ්‍රයන්ට එකතුවීම හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ ජනතාව දැඩි සෞඛ්‍ය තර්ජනයන්ට ඉදිරියේදී මුහුනදීමට සිදුවීමේ අවධානමක් පවතින බව මොනරාගල සොබා පදනම පවසයි.
මෙම ගැටළුව සම්බන්ධව මොනරාගල ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු චාන්දනී බණ්ඩාර මහත්මිය පැවසුවේ, ජල මූලාශ්‍රයන්ට එකතුවන රසායනික හා ඝන අපද්‍රව්‍ය පිළිබඳ ප්‍රමාණවත් අධ්‍යනයක් කිරීමට ජල සම්පාදන මණ්ඩලය සතුව පහසුකම් නොමැති බවය. එසේම ගල් කුඩු හැකි උපරිමයෙන් ඉවත් කරන පවත් ඒ සඳහා සිය කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරන බවත් ඇය පැවසීය.
කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් තමන් පත්ව ඇති අවධානම් තත්වයන්ට පිළිතුරු ලබා දීමට බලධාරීන් වහා පියවර ගත යුතු බව ප්‍රදේශයේ ජනතාව වැඩි දුරටත් පවසා සිටියි.










