රවීගේ පදනම් විරහිත චෝදනාගැන මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

රවීගේ පදනම් විරහිත චෝදනාගැන මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට විරුද්ධව හිටපු මුදල් ඇමති රවි කරුණානයක මහතා මධ්‍ය මගින් නගන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරීපත් කර නැතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගිය දිනවල දිගින් දිගටම ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට විරුද්දව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය මගින් චෝදනා නඟා තිබිණි.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය

“ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් නිකුත් කරනු ලබන නිවේදනය

පසුගිය දිනවල දිගින් දිගට ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට විරුද්ධ ව, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය මගින් චෝදනා නගා තිබිණි.

මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු ව ඇත.

විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මා මෙතෙක් මහ බැංකු අධිපතිවරයා වශයෙන්  කටයුතු කළ වසර දෙක තුළ දී බැංකුවේ කාර්යයන්ට අදාළ ව සුවිශේෂී දායකත්වයක් සිදු කළ නිලධාරියෙකි.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමි.”

Facebook
Twitter
LinkedIn