පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ(28) පැවති ජපානය හා පෝලන්තය අතර තරඟයෙන් ගෝල 1 – 0ක් ලෙස ජපානය ජය හිමිකර ගැනීමත් සමඟ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සුදුසුකම් ලැබූ එකම ආසියානු පාපන්දු කණ්ඩායම බවට ජපානය පත්විය.
එම කාණ්ඩයේම සෙනගාලය හා කොලොම්බියාව අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස කොලොම්බියාව ජය ගත්තේය.
ඒ අනුව කොලොම්බියාව එච් කාණ්ඩයේ පෙරමුණ ගෙන අවසන් 16 දෙනාගේ වටයට පිවිසි අතර ජපානය හා සෙනගාලය එකම ගෝල සංඛ්‍යාවක් හා එකම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබුණත් කහ කාඩ්පත් අඩුවෙන් ලැබිම හේතුවෙන් ජපානය අවසන් 16 දෙනා අතරට පිවිසියේය.
සෙනගාලයට කහ කාඩ්පත් 6කින් අවවාද ලබාගෙන තිබූ අතර ජපානය කහ කාඩ්පත් 4කින් අවවාද ලබාගෙන තිබුණි.
6










