චිත්රපට බෙදාහැරීම උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින් ශ්‍රී ලංකා චිත‍්‍රපටි සංස්ථාවට පවරා ගැනීමට එම අමාත්‍යාංශය භාර විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙන තිබූ තීරණය ලබන 12 වැනිදා දක්වා අත්හිටුවමින් කොළඹ දිසා විනිසුරු ප්‍රමිල රත්නායක මහතා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මූවි ප්‍රොඩක්ට්, ඊ.ඒ.පී සමාගම, ලංකා ෆිල්ම්ස් ඩිස්ට්‍රිබියුටස් ඇතුලු සිනමා සමාගම් හතරක් අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබු ඇත.
එසේම එදිනට අධිකරණය හමුවේ පෙනී සිටීමට චිත‍්‍රපට සංස්ථාවට නොතීසියක්ද නිකුත් කර තිබේ.
චිත‍්‍රපට බෙදාහැරීම ශ්‍රී ලංකා චිත‍්‍රපටි සංස්ථාවට පවරා ගැනීමට සම්බන්ධයෙන් අශෝක හඳගම, බෙනට් රත්නායක, ප්‍රසන්න විතානගේ වැනි ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් මේ වනවිටත් සිය විරෝධය පල කර තිබේ.
4










