තොරතුරු දැන ගැනීමේ පණත හරහා ලබා දී ඇති ඇති අයිතීන් උල්ලංඝනය වන පරිදි නව සංශෝධන පනත් ගෙනඒමේ සූදානමක් පවතින බව තොරතුරු දැන ගැනීමේ කොමිශන් සභාවේ සාමාජික එස්. ජී. පුංචිහේවා මහතා ඊයේ(28) පැවති උත්සවයකදී පැවසීය.
නීතීඥ මලවිගේ කේ. ගීතානි ජීවන්ති මහත්මිය විසින් රචිත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් නැමති ග්‍රන්ථය එලි දැක්වීමේ උත්සවයේදී පුංචිහේවා මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
එම මහතා වැඩිදුරටත් පවසා සිටියේ අත්අඩංගුවේ සිටිය දී අපරාධකරුවන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් ඇතුළු සිද්ධි ගණනාවකට සම්බන්ධ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පවතින බවත් එම තොරතුරු අනාවරණය කළ යුතු බවත් ය.
3










