මාතර කොල්ලයේ සැකකරු හබරකඩ වසන්තගේ බිරිඳ අත්අඩංගුවට

මාතර කොල්ලයේ සැකකරු හබරකඩ වසන්තගේ බිරිඳ අත්අඩංගුවට

මාතර ස්වර්ණාභරණ වෙළඳසැල කොල්ලකෑමට පැමිණි තවත් සැකකරුවෙකු පොලීසිය විසින් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

හබරකඩ වසන්ත ලෙස හඳුන්වන මෙම පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ සිදුවූ අතර ඔහු හෝමාගම ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත එම නිවස පරීක්ෂා කර තිබේ.

එහිදී මාතර ස්වර්ණභරණ වෙළඳසැල කොල්ලකෑමට රැගෙන ආ බවට සැකකළ හැකි රිවෝල්වරයක්, ජීව පතොරම් 4ක් හා හිස් පතොරම් කොපු 2ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම අවස්ථාවේ සැකකරුගේ බිරිඳ නිවසේ රැදී සිට ඇති අතර ඇයගේ අනු දැනුම මත මෙම ආයුධ නිවසේ තබා ඇති බැවින් එම කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ තව දුරටත් ක්‍රියාත්මක වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්