තොම්සන් රොයිටර්ස් පදනම නම් සංවිධානයක් මගින් ඉදිරිපත් කර ඇති සමීක්ෂණ වාර්තාවක කාන්තාවන්ට වඩාත් අන්තරාදායක රට ලෙස ඉන්දියාව හඳුන්වා තිබේ.
එම සංවිධානය දක්වා ඇති පරිදි මෙම දර්ශකයේ ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ සෞදි අරාබියාව ඉන්දියාවට වඩා පහල අගයක් ගනියි.
මෙම සමීක්ෂණය සඳහා විද්වතුන් 548 දෙනකු සහභාගිවී ඇති අතර සෞඛ්‍ය ආරක්ෂණය, සංස්කෘතික චාරිත්‍ර, ලිංගික සහ ලිංගික නොවන අඩත්තේට්ටම්, මිනිස් ජාවාරම් සහ විවේක බුද්ධිය යන දර්ශක හයක් ඔස්සේ දත්ත ලබාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193ක් සම්බන්ධව ප්‍රශ්නකිරීම් සිදුකර ඇත. සංස්කෘතික චාරිත්‍ර, ලිංගික අඩත්තේට්ටම් හා මිනිස් ජාවාරම් යන අංශ වල ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව බව සමීක්ෂණය වාර්තා හෙලි කරන බව තොම්සන් රොයිටර්ස් පදනම සඳහන් කරයි. මෙම විද්වතුන් අතරින් 41 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වීම විශේෂත්වයකි.
මීට වසර හතරකට පෙර සමීක්ෂණ වාර්තාවක් හෙලි කළ පරිදි කාන්තාවන් සඳහා වඩාත් අන්තරාදායක රට ලෙස ඇෆ්ගනිස්තානය හඳුනාගෙන තිබිණි. එම වාර්තාවේ ඉන්දියාව හතරවන ස්ථානයේ පසුවිය.
මෙම වාර්තාව ඉන්දීය රාජ්‍ය ආයතන දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවේ කාන්තාවන් සඳහා වන ජාතික කොමිෂන් සභාව පවසා සිටියේ ඉන්දියාව වඩා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හෝ නොමැති රටවල් ලෝකයේ පවතින බවයි. එසේම ඉන්දීය කාන්තා හා ළමා සංවර්ධන අධිකාරිය පවසා සිටියේ මෙය තම රට අපකීර්තිමත් කිරීමේ අරමුණින් සකස් කරන ලද්දක් බවයි.










