කුවේට් රාජ්‍යයේ වැරදිකරුවන් වී එරට සිර දඬුවම් විදින ශ්‍රී ලාංකිකයින් 151 දෙනෙකු ඔවුන්ට හිමි ඉතිරි සිර දඬුවම් කාලය මෙරටදී ගත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
මීට ඉහත මෙරටදී වැරදිකරුවන් වී සිර දඬුවම් නියම වූ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ද ඉන්දීය රජය කළ ඉල්ලීමකට අනුව එම සිරදඬුවම ඉන්දියාවේදී ගෙවී යන පරිදි කටයුතු සලසා දීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එබැවින් කුවේට්හි සිරභාරයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව ද ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
4









