ගිය වසරේ මැතිවරණ කොමිසමේ වාර්ශික වියදම් වැඩිවීම රුපියල් කෝටි 24ක්

ගිය වසරේ මැතිවරණ කොමිසමේ වාර්ශික වියදම් වැඩිවීම රුපියල් කෝටි  24ක්

ජාතික මැතිවරණ කොමිසමේ වියදම පසුගිය වසරේ රුපියල් කෝටි 24කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස වියදම් වැඩිවීමට හේතු ලෙස පසුගිය වසරේ පළාත් පාලන මැතිවරණයට අදාල කටයුතු සිදුකිරීම බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. ඡන්ද හිමි නාමලේඛන ආයතන මට්ටමින් මුද්‍රණය කිරීම සඳහා අමතර රුපියල් කෝටි 3ක මුදලක් ද එම ඡන්දයේ මූලික කටයුතු පුනරාවර්ථන අමතර වියදම රුපියල් කෝටි 21ක මුදලක් ද වැයවීම හේතුවෙන් මෙලෙස වාර්ෂික වියදම ඉහළ ගොස් ඇතැයි එම කොමිසම වැඩිදුරටත් පවසයි.

ඡන්ද හිමි නාමලේඛනය සැකසීමට 2016 වසරේ වැයවූ මුදල රුපියල් කෝටි 10ක් වුවද පසුගිය වසරේ (2017) ඊට අදාල මුදල රුපියල් කෝටි 13 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

කොමිසමේ පුනරාවර්තන (වැටුප්)  වියදම ගිය වසරේ රුපියල් කෝටි 78 ක්  වු අතර ඊට කලින් වසරේ එම වියදම රුපියල් කෝටි 57 ක් වී ඇත.

Facebook
Twitter
LinkedIn